බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් එළැඹෙන බදාද (13) දින ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා පසුගියදා පැවැති ඡන්ද විමසිමේදී ඉවත් නොවීමට ඡන්දය භාවිතා කරන ලෙස අගමැතිවරයා බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර එය පරාජයට පත් කරමින් බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වූ අතර එයට හිස නමමින් ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අගමැති ඩේවිඩ් කැමරන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර සඳහා බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ස්වදේශීය ලේකම්වරිය වන තෙරේසා මේ පත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පත්වන දෙවන කාන්තාව බවට ඇය පත්වනු ඇත.
Views: 0









