මාලබේ හොර වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මගින් දියත් කර ඇති අතර කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (07) එහි ආරම්භක අවස්ථාව සිදුවිය.
එම අවස්ථාව සඳහා පෞද්ගලික වෛද්‍ය විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර, වෛද්‍ය අසංග වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසේන, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ යන මහත්වරු සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
රටපුරා, රෝහල්වල, රාජ්‍ය ආයතන ඉදිරිපිට හා විශ්වවිද්‍යාල තුළ මෙම පත්‍රිකාව බෙදාහැරීමට කටයුතු කර ඇත.
මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසූයේ ඉතිහාසයේදී දැවැන්ත කැපකිරීම් කරමින් ජනතාවගේ නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුළුව නිදහස් අධ්‍යාපන අයිතිය රැකගත් පරිදිම ජනතාව බිල්ලට දී ක්‍රියාත්මක කරන මෙම සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කරන තෙක් සියළු ජනතාව සමග එක්ව අරගල කරන බවයි.









