කෝටි 61ක ගැන CIDය සජින් වාස්ගෙන් ප්‍රශ්නකරයි

රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් හා ඔහුගේ ගණකාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අද (07) ආරම්භ කර තිබේ. 

එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඔවුන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණ දුන් නියෝගයක් අනුව බන්ධනාගාරය නිලධාරීන් මගින් ඔහු කොළඹ ප්‍රධාන උසාවි සංකීර්ණයට ගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රකාශය සටහන් කිරීම ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn