ආණ්ඩුවට ඩොලර් මිලියන 631ක් විදේශ ණය ගෙවීමට සිදුව ඇති නිසා එම ණය ගෙවීම සඳහා මෙරට රාජ්ය සහ පෞද්ගලික බැංකුවලින් ඇමරිකන් ඩොලර් මිලියන 185ක් ණයට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජූනි මස 16 වැනිදා කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්ද ජුනි 04 වැනිදා තවත් වාණිජ බැංකුවකින් ඩොලර් මිලියන 25ක්ද ජුනී 27 වැනිදා සිටි බැංකුවෙන් ඩොලර් මිලියන 10ක්ද ලංකා බැංකුවෙන් මාස තුනක් ඇතුළත ගොවීමේ පොරොන්දුව මත ඇමරිකන් ඩොලර් මිලියන 100ක්ද වශයෙන් ඩොලර් මිලියන 185ක් ණයට ගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව මහ බංකුව බැඳුම්කරයක් මඟින් තවත් ඩොලර් මමිලියන 250ක් ද ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ තත්වය මත මේ ණය පියවීම සඳහා ජනතාව මත ආණ්ඩුව විසින් නව බදු පැනවීමේ අනතුරක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති.
Views: 0









