අපිව නවත්වන්න කිසිවෙකුට බැහැ – වංචනිකයන්ව හෙළිදරව්කරනවා

තමන් කෝටි ගණනක් මුදල් ලබාගෙන පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට ව්‍යාජ පුවත් මවා ඇති බවත් තමන් වගකීම් බාරගත්තේ එය අතරමග දාමා යාමට නොවන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“තමුන්ගේ මිම්මෙන් මාව මනින්න එන්න එපා” යැයි එසේ එසේ ප්‍රවෘත්ති නිර්මාණය පුද්ගලයන්ට තමන් ප්‍රකාශකරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

තමා මුදලට යට කළ හැකි මන්ත්‍රීවරයෙක් නොවන බවත් මහ බැංකු වංචාව විමර්ශනයට විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පමණක් සිදු කළ නොහැකිනම් ඉන් එහාට ගිය විශේෂඥ සහාය හෝ ලබාගෙන මේ සම්බන්ධයෙන් විර්ශන සිදු කර අදාළ වැරදි කරුවන්ට පවතින නීතිය යටතේ දඬුවම් පමුණුවන බවත් වැරදි කරුවන් රටට පාඩු සිදු කළ ජනතා මුදල් නැවත අයකරගන්නා බවත් ඒ මහතා පැවසීය. 

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ ඊයේ (02) මතාර කඹුරුපිටිය ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ ජනහමුවකදීය.

රටට පාඩු කළ මුදල් වරදකරුවන්ගෙන් අයකරගන්නා තුරු පරීක්ෂන සිදු කර…

රටට පාඩු කළ මුදල් වරදකරුවන්ගෙන් අයකරගන්නා තුරු පරීක්ෂන සිදු කරනවා…

Posted by Sunil Handunneththi on Saturday, July 2, 2016

අපිව සල්ලිවලට නමන්නත් බෑ… නැමෙන්නෙත් නෑ…

අපිව සල්ලිවලට නමන්නත් බෑ… නැමෙන්නෙත් නෑ…

Posted by Sunil Handunneththi on Saturday, July 2, 2016

වංචනිකයන්ට දඬුවම් දෙනතුරු මේ පරීක්ෂණ ඉදිරියටම යනවා…

වංචනිකයන්ට දඬුවම් දෙනතුරු මේ පරීක්ෂණ ඉදිරියටම යනවා…

Posted by Sunil Handunneththi on Saturday, July 2, 2016

Facebook
Twitter
LinkedIn