අනවසර ඉදිකිරීම්, අපද්‍රව්‍ය බැහැර හැරීම නිසා ධීවර කර්මාන්තය කර ගෙන යාමට නොහැකි වූ ධීවරයින් සමග ජෛව්‍ය විවිධත්ව වටිනාකමකින් යුතු මීගමුව කලපුව ආරක්ෂා කරදෙන මෙන් සම්ස්ත ලංකා පොදු ධීවර සම්‍මේලණයේ මීගමුව ශාඛාව විසින් ඊයේ (01) පෙත්සමක් අත්සන් කළ අතර එය මීගමුව පිටිපන ලෙල්ලම අසලදී පවැත්විණි.
ඒ සදහා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති නිහාල් ගලප්පත්ති මහතා සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එම පෙත්සම අත්සන් කිරීමෙන් අනතුරුව විජිත හේරත් මහතා සහ නිහාල් ගලප්පත්ති මහතා මීගමුව කලපුවේ නිරීක්ෂණ සංචාරයකද නිරත වූහ.








Views: 0









