අද (02) අලුයම 3:35ට පමණ වැලිකන්ද සෙවනපිටිය නගරයේ පිහිටි ලංකා බැංකු ශාඛා ගොඩනැගිල්ලහි හදිසි ගින්නක් හටගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
එහිදී වහා ක්‍රියාත්මක වූ පොලීසිය, ප්‍රදේශවාසීන් හා තමන්කඩුව ප්‍රාදේශීය සභා නිලධාරින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නැති අතර එයින් සිදු වූ දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
මේ පිලිබඳ වැඩි දුර විමර්ශන වැලිකන්ද පොලිසිය මගින් සිදු කරන නමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
Views: 0









