බංගලා දේශයේ ඩකා අගනුවර පොලීසිය හා සන්නද්ධ කල්ලියක් අතර සිදුව ඇති වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවත් විදේශිකයින් ඇතුළු 20 දෙනෙකු එහිදී ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් සඳහන් වේ.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලනඥයන් සහ ධනවත් පවුල්වල පිරිස් වැඩිවශයෙන් වෙසෙන ප්‍රදේශයක් ලෙස සැලකෙන ප්‍රසිද්ධ ආපන ශාලාවක් වන Holey Artisan Bakery cafe හිදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ප්‍රානඇපයට ගත් විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන අන්දමට මෙම දෙදෙනා ඇතුළු පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති අතර දාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල් වෙතද මේවන විට තොරතුරු දැනුම්දී තිබේ.
එම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිත්ක්ෂයට පත්ව ඇති බවත් 30දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ලවන විට ඉතාලි ජාතිකයින් 7 දෙනෙකු එම ආපනශාලාවේ සිටි බව එරට ඉතාලියානු මහකොමසාරිස් මාරියෝ පල්මා පවසා ඇත.
බංග්ලාදේශ ප්‍රභූ පොලිස් ආරක්ෂක සේවයේ ක්ෂණික ක්‍රියාකරී බලසේනාවේ ප්‍රධානි බෙන්ෂායිර් අහමඩ් පවසන්නේ තමන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ අවන්හළ තුළ ප්‍රාණ ඇපකරුවන් බාරයේ සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බවය.


















