රට පැන්න දමයන්තිට එරෙහිව තවත් පරීක්ෂණයක්

ආනයනය කළ හා කල් ඉකුත්වූ පුපුරණ ද්‍රව්‍ය ගුණාත්මක තත්ත්ව පටිපාටිය උල්ලංඝනය කරමින් විකිණීමට අනුමත කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නට එරෙහිව බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම අද (30) විභාගයක් ආරම්භ කර තිබේ.

ඇවන්ගාඩ් අවි ගණුදෙනු සිදු කිරීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී සිටි අතර පසුව ඇය වජිර අබේවර්ධන මහතා අමාත්‍ය ධුරය දරණ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත් කරගන්නා ලදී. 

පසුව ඇය රාජ්‍යසේවයේ නිසි අවසරයකින් තොරව හොර රහසේම විදේශගත වී අසිටින අතර මේ වනතුරු ඇය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වී නැත.

Facebook
Twitter
LinkedIn