ජූරිය ඔබයි – වෛද්‍ය තුෂාර ජයසූරියගේ විග්‍රහය

වෛද්‍ය තුෂාර ජයසූරිය මහතාගේ මුහුණුපොතෙන් උපුටාගත්තකි.

2011දි ජවිපෙ කඩා බිඳ දැමීමේ විප්ලවයට උරදුන් බොහෝමයක් අද පෙරටුගාමීන් සමග නැත. කෙනෙකුට යම් දේශපාලන ධාරාවක් තුළ රැඳීමේ සහ ඉවත්වීමේ අයිතියක් ඇත. එය ඇත්තකි. නමුත් ජවිපෙ ඉතා දුශ්කර ගමන් මගක ගොඩනගාගත් පූර්න සහ අර්ධකාලීන සහයෝගය දෙන සුභපතන්නන් මේ සියල්ලන් මොහොතකට නිහඬ කල 2011 අභ්‍යයන්තර කැරැල්ල පක්ශයක් ලෙස ඉතා සංයමයෙන් විසඳීමේ ප්‍රතිපලයනම් ජවිපෙ ඉදිරියට යද්දී ජවිපෙ 90%ක් සගයන් තමන් ලඟයැයි කී පෙරටුගාමීන් අද ඩීමෝ බට්ටෙකුගේ හෝ පියාජෝ ත්‍රීවීල් එකක පහසුවෙන් ගෙනයාහැකි ප්‍රමානයේ සාමාජිකයන් ප්‍රමානයක් බවට අද පත්ව ඇත.

එතෙක් කල් පක්ශයෙ සම්බන්ද පුද්ගලයන් පමනක් දැනුවත්ව සිටි බොහෝ කරුනුද පුද්ගලයන්ද මොවුන් රටට විවෘත කරවන ලදී. එයට ධනපති මීඩියාද මහත් රුකුලක් දුනි. කොටින්ම එකල පෙරටුගාමීන් තුළ තිබූ උද්යෝගය කියුබානු රුසියානු විප්ලවය තුල මෙන් විය. ඔවුන් අත තිබ්බේ ප්‍රධාන ලෙසම රටේ මතය හසුරුවන්නට ජවිපෙ සගයන් බිහි කළ ශිෂ්‍ය ව්‍යාපාරයටය. එපමනක් නොව ඔවුනට ආපසු හැරීමට බැරිවන ලෙස ඔවුන් සමග පැමිනි සියල්ලන්වම මීඩියා තුළින් රටට විවෘත කලෝය එකල පුවත්පත්වලට මොවුන් දුන් ප්‍රකාශයන්ද එකිනෙකට පරස්පරය. චමීර එකක් කියයි. ලසිත් තව එකක් කියයි. ඕපාත වෙනමම එකක් කියයි. තවද ඒ ඒ පුද්ගලයන්ට කියූ කතාද පරස්පරය. විශ්වවිද්‍යාල සිසුන්ට කීවේ එකක්ය. වෘතිකයනට කීවේ තව එකක්ය. මීඩියා ඉදිරියේ කීවේ තව එකක්ය.

අද කිඹුල් කඳුලු හෙලන පෙරටුගාමීන් එදා සිරි අයියාට කිව්වෙ නාකි හමා කියාය. කොටින්ම එදා මලගෙදර සිටි බිමල් රත්නායක සහෝදරයා සිනා මුසු මුහුනින් පැවසුවේ අද එහෙට මෙහෙට බොහෝ උනන්දුවෙන් දුවන හරි උනන්දුවේ දුවන මේ ඇතැමුන් එදා සිරිඅයියා දකින දකින විට කාර්යයාලය තුළදී පවා ඔහුට ඇසෙන නොඇසෙන ලෙස අමු කුනුහරුපවලින් පරිභව කල බවයි.

ඔබට මතකද කුමාර් ගුනරත්නම්ගේ පැහැර ගැනීම. දිමුතු ආටිගලගේ සුන්දර පැහැරගැනීම. අද ඔවුන්ගෙන් අසන්න ඇත්තටම සිදු වූ දෙය. දිමුතු වුවත් එදා කියූ බොරුව එලෙසින්ම නොකියනු ඇත. මට මතකයි චමීර කොස්වත්ත මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ ඔවුනගේ පලමු සමුලුව කඩාකප්පල් කිරීමේ අරමුනින් කුමන්ත්‍රනකාරීන් කළ පැහැරගැනීමක් ලෙසයි. නමුත් අනුර දිසානායක පැවසුවේ මෙය එවැනි පටු කෝනයකින් දකින්න එපා ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ආන්ඩුවේ මර්ධනයේ තවත් එක් පියවරක් මෙය බවය. එදාද චමීරට වුවමනා වූයේ කුමාර් පැහැරගැනීම ආන්ඩුවෙන් ගලවා ජවිපෙට ඇන්දවීමය. කොටින්ම එදා අපද ඉතා සංවේදීව මේ පැහැරගැනීමට එරෙහිව හඬනැගුවෙමු. නමුත් පෙරටුගාමී නායකයන් නිහඬව සමුලුව කලා මිස සමුලුවට පැමිනි පිරිස සමග ජනපති හමුවීමට. කොටුවේ උද්ගෝශනයකට නොගියෝය. පසු දින කුමාර් දිමුතු එලියට ආහ. දිමුතු කොතරම් බොලඳ කතාවක් පැවසුවේද යත් ඇයට තර්ජනය කල උන් “උඹට හොඳ වැඩේ ජ්විපෙ කඩන්න දායක වුනාට” යැයි ඇයට කීවායැයි මීඩියාවලට පවසන ලදී. තවද කුමාර්ට ලිංගික අතවර කල බවද පවසන ලදී. එක බොරුවක් වහන්න තව බොරු සිය ගනනක් කීමේ ප්‍රතිපල වූයේ විප්ලවය විශ්වාස කළ ජවිපෙ වෙනුවෙන් දිවිය කැප කළ නමුත් නිශ්චිත මොහොතේ කල්ලි වාදය හඳුනා ගැනීමට අපොහොසත් වූ තරුන ජවය උන්ටත් නැති විය ජවිපෙටත් නැති විය. බොහෝ පිරිසක් කලකිරී ගම්බිම් බලා ගියහ. අද පෙරටුගාමින්ගෙන් වෙන්වී ඔවුන් ගත කරනුයේ ඉතා අවාසනාවන්ත පිටකොඳු බිඳගත් ජීවිතයකි. සිරි අයියා අවුරුදු 44ක් තම දිවිය පක්ශය වෙනුවෙන් කැපකරන ලදී. නමුත් චමීර කොස්වත්ත අවසන්වරට 2011කහවත්ත නගරයේදී හමු වූ විට කිව්වේ මල්ලි භාවිතයෙන් බලන්න. මේක හරියට රෝහන සහෝදරය 65 චීන පිලෙන් කැඩිල ගියා වගේ කියාය.

භාවිතාව බලන්න ගත වූයේ පැය 12කි. රත්නපුර කාර්යයාලයේ කම්පියුටර් ලියකියවිලි මුදල් සියල්ල හොරකම් කරතිබිනි එකී භාවිතාව කතා කල උන්. එකල ඔවුනගේ ප්‍රභල ප්‍රතිවාදියා වූයේ ටිල්වින් සහෝදරයාය. මන්ද ඔවුන් විශ්වාසකලේ සෝමවංශ සහෝදරයාගෙන් පසු නායකත්වය ලැබෙනුයේ ඔහුට බවය. නමුත් අනුර නායකත්වයට පත්වූ විට එකී කටවල් වලින්ම ටිල්වින් සහෝදරයා ගැන කිඹුල් කඳුලු හෙලූහ. අනුර රනිල් එකතු කල පිංතූර බුකියේ ශෙයා කලෝය. ශිෂ්‍ය ව්‍යාපාරය පවතින ක්‍රමයට එරෙහිව සංවිධානය කරනු වෙනුවට ජවිපෙ සතුරන් බවට පත් කලෝය. මේ සියල්ල මහමෙරක් සේ දරමින් පක්ෂය දිනෙන් දින නැගිට්ටේය. 2014 වන තුරු සැම තැනකම විවේචන එල්ල වූයේ ලාල් සහෝදරයාට සහ ටිල්වින් සහෝදරයාටය. නමුත් ජවිපෙ දේශපාලන මන්ඩලයේ විශ්වාසය නැවතවරක් තහවරු කරමින් සෝමවංශ සහෝදරයාගේ මුවින් පිටවන තුරු අනුර නායකත්වයට පත්වීම අන් අය දැනගත්තේ නැත. ඉන් පසු ඔහු ඉලක්ක කරගත් මඩ අවලාද දියත් වන්නට පටන් ග්නු ලැබීය. එහි ප්‍රමුඛතම කාර්යය වෙනුවෙන් ඔත්තු සැපයූයේ පෙරටුගාමීන්ය. අද ඉවත්ව රැකියාවක් කරන ගයනි සොයුරිය 2011 දෙසැම්බර්මස මා හට ගත් දුරකඨන ඇමතුකක් විනාඩි 45ක් තිස්සේ ජවිපෙ නිර්ධය ලෙස විවේචනය කලා පමනක් නොව “මල්ලී අපේ භාවිතාව බලන්න තව අවුරුදු 5කින් මට කෝල් කරන්න කියාය. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට වසර පහ පිරෙන බැවින් මා සිතා සිටිනුයේ ඇයට කතා කිරීමටය.

පෙරටුගාමී කඩාගෙන යාම හරියට දුම්රියක පළමු පෙට්ටිය පීලි පැන්න පසු අනෙකුත් පෙට්ටි ඉබේම පැන්නා හා සමානය. ජවිපෙ තුළ ඉගැන්වූ පක්ෂ සංවිධාන විනය, සාමූහිකත්වය පසෙක තබා වඩා හිතවත්, තමන් ආස්‍රය කරන පුද්ගල වචන කෙරෙහි විශ්වාසය තැබීමට ඇතැම් පිරිස් පුරුදු වීමේ අවසන් ප්‍රතිඵලය නම් හිතවතුන් පිරි කල්ලිය සක්‍රිය වීමයි. මේ ලියන මාගේ කරාපිටිය බෝඩිමේ රැය පහන් කල වුන් අතර කලු අයියා, දුමින්ද, රවීන්ද්‍ර, උදුල්, ලසිත්, චමීර,වී කුරුල්ලා, නලීන්ද වැන්න වුන් ප්‍රධානය. හරිනම් මචං ෆිට් එකට මා ඇතුලු අප යුගයේ සොයුරන් ගත යුතුව තිබුනේ චමීරලාගෙ පැත්තය, අපි එදා සිට සංවිධාන තුළ සහ ඉන් පිට ඉතා තර්කානු කූල වුනෙමු. අපි කිහිප විටක්ම විවිධ පොදු මතයන් වෙනුවෙන් සංවිධාන තුළ අරගල කර ජය පරාජය දෙකම ලබා එලියට ඇවිත් පොදු මතය වෙනුවෙන් පෙනී සිටියෙමු. ඒ අත්දැකීම මෙම ඛන්ඩනයේදීම අප සසඳා බැලුවෙමු. සතියක් දෙකක් නිහඬව සිට භාවිතයෙන්ම කුරුට්ටන් ඉවත්කර නැවත්ත් පක්ශයේ උන්නතිය වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප වුනෙමු. අද වනවිට අපේ ආදරනීය පක්ශයේ ඉගැන්වීම නිසාවෙන්ම අප සමාජය වෙනස් කිරීම වෙනුවෙන්, සමාජවාදය නැමති සංකල්පය වෙනුවෙන් බුකියේත් බිමේත් හැකි අයුරින් අපේ සහය දෙන්නෙමු.

එදා සිරි අයියාට මහල්ල ලෙස බැන වැදුනු අය, 2015 සිරි අයියා පක්ශෙන් වෙන්වෙද්දී කිව්වේ දක්ශිනාන්ශික ජවිපෙන් අතිදක්ශිනාන්ශික සිරිඅයියා ඉවත් වූ බවය. රවීන්ද්‍ර මුදලිගේ අප වෙත එවූ කැත කෙටි පනිවුඩ, චමීරලාගේ බොලඳ කෙටි පනිවුඩ අදටත් මා දුරකතනයේ සුරක්ශිතව ඇත. සිරි අයියා වෙන් වූ මොහොතේ සහ ඉන් පසුවත් අප තුළ පැවතියේ ඒ පිලිබඳ දුකක් සහ ඔහුගේ පිරිහීම ගැන කලකිරීමක් පමනි. වෛද්‍යවරයෙකු වන මා ඇතුලු බොහෝ වෛද්‍යවරු පිරිසක් ඔහුව ප්‍රතිකාර වෙත යොමු කිරීමේ උත්සාහයක් ගනු ලැබුවේ, පක්ශය දැනුවත් කලේ වයසත් සමග මතුවන senile dementia ත්ත්වයක් බව බොහෝ දුරට ඔහු කළ කී දේවල්වලින් ඒත්තු ගිය නිසාවෙනි. නමුත් ඔහුව අපට බලෙන් ප්‍රතිකාර ලබා දීමට නොහැක. මන්ද ඔහු ඒ මොහොතේ හිතවත්ව සිටි උන්ට ඔහුගේ සාරය උරාබීමට පමනක් වුවමනා වූ නිසාය. අනෙක් අතට ආපසු හැරීමට බැරිවන ලෙස ඔවුන් සමග පැමිනි සියල්ලන්වම මීඩියා තුලින් රටට විවෘත කලෝය. තවද එලෙස ප්‍රතිකාර බලෙන් සිදුකිරීමට ගියහොත් එය සිරිඅයියාගේ විග්‍රහයන්වලට මුහුන දීමට නොහැකිව ඔහු පිස්සෙක් යැයි පක්ශය පතුරවනවායැයි මෙකී මීඩියාද මෙකී අපතයන්ද පතුරුවනු ඇත. නමුත් නලින්ද සහෝදරයා 2015/04/17 මා වෙත සිරි අයියාගේ දුරකතන අංකය මැසෙජ් කර පැවසු “මල්ලි ඔයාල අඳුරන්නෙ නැති වුනාට කමක් නැහැ කතා කරල සිරිඅයියට පැහැදිලි කරන්න යනුවෙනි. ඒ කෙටි පනිවුඩයද අදත් මා සතුව ඇත. නලින්ද සහෝදරයා සහ අනෙකුත් හිතවත් වෛද්‍ය සොයුරන් සමගද මේ ආදරනීයයා හට ඇත්තේ සෞඛ්‍යමය ගැටලුවකැයි අප කතා කරඇත.

පක්ශය ඊට අනිවාර්යයෙන් මැදිහත්වන්නට උත්සාහකරන්නටද ඇත. ඒ සඳහා හේතු සාධක ගොඩක් ඇත. මන්ද ඔහු කෙටි කාලයක් තුල කල කී දෑ අහසට පොලව මෙන් ඉතා පරස්පර වීමයි. [මා මනෝ වෛද්‍ය විශය ධාරාව හොඳින් හදාරා ඇත්තෙක් නම් නොවේ. මෙය මා අන් අය සමගද සාකච්චා කර ගත් සිතුවිල්ලකි. මෙය කියවා සිරි අයියා පිස්සෙකු බවට ජවිපෙන් පත්කර ඇතැයි ඇතැමෙක් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. නමුත් මේ ලිපියේ වගකීම මාසතුව පමනක් වන අතර මා මෙයින් අබමල් රේනුවක් වත් සිරිඅයියාට අවමන් කිරීමට යොදාගැනීමක් නොවේ. ජවිපෙ තුල මිනිහෙක් හිටියත් අවමන් කරනුයේ පක්ශයටය. ජවිපෙන් යමෙක් ඉවත් වුවත් හෝ ඉවත් කලත් අවමන් කරනුයේ පක්ශයටය. යමෙක් අසනීප වුවත්. යමෙක් ප්‍රතිකාර ගත්තත් අවමන් ජවිපෙටය. ජවිපෙ යනු අපි අපිමය. අපි මේ පක්ශයේ නිවැරදිභාවය රටට කිව යුතුය. ඒ අනාගත පරපුර වෙනුවෙනි. සතුරාට පිලිතුරු දෙනු වෙනුවට මැදිහත් සිතින් පක්ශය දෙස වුවමනාවෙන් බලන අය වෙනුවෙනුයි මා ඇතුලු සගයන් මේ ඇඟිලි තුඩු මනස වෙහෙසන්නෙ]. අවුරුදු 44ක් එකම අරමුනක සිටි මිනිසෙක් මෙලෙස විවිධ ආකාරයට විසිවනුයේ යම් හෝ අසනීප ත්ත්වයක් හේතුකොට් ගෙන බව මා අදත් විශ්වාසකරමි.

අවාසනාවකට සිරිඅයියාව ජීවිතයේ සඳෑ සමයේ රැක බලාගන්නට ඔහුගේ සිත ශක්තිමත් කරන්නට වටේ සිටියවුන් නිසාවෙන් පක්ශයට නොහැකි විය. 2014 මැයි රැලියේ කිලෝමීටර් අටම පයින් ඉදිරියෙන්ම ඇවිද ගිය සිරි අයියා වසරක් ඇතුලත හදවත් රෝගියෙකු වී නිදි යහනේම අවසන් ගමන් යන්න තරම් කොපමන දුකකින් මානසික ආත්තියකින් ඉන්නට ඇතිද? මුරන්ඩුකාරයා පසුපස පක්ශය කොපමන ගියත් ඔහු නැමුනේ නැති වුවත් පසු කලක ඔහු වටා සිටි උන් දෙස බලන විට දැඩි කලකිරීමක් ඔහුට ඇතිවෙන්නට ඇත.

ඔහුම කියා දුන් ලෙනින්ගෙ වැකිය “අති උදාරත්වයේ සිට තකතීරු කමට ඇත්තේ එක් පියවරක්” යන්න ඔහුම ඔප්පු කල බව පසු කලක ඔහුටම සිතෙන්නට ඇත. සිරි අයියාව කුපාඩි ලෙස පරිභව කල ඉගැන්වීම්වලදී තම සගයන්ට සිරි අයියා ඇතුලු සගයන් වම විනාශ කරන ද්‍රෝහීන් යැයි සැලකූ පෙරටුගාමීන් එකවරම සිරි අයියාගේ මිනිය බදාගෙන වැලපීම අපහටනම් විහිලුවක් විය. නමුත් අවසන් මොහොතේ පක්ශයට සහ සිරි අයියාට ආදරය කළ දහස් ගනනක් සාමාජිකයන් වෙනුවෙන් සිරි අයියාගේ අවසන් දිනයේ යමක් කතාකිරීමට අප හදවත් තුල සිරි අයියා පිලිබඳ ඇති හැඟීම වාතලයට මුසු කිරීමට පක්ශය වෙනුවෙන් මැස්සෙකුට හෝ අවස්ථාවක් ලබාදීම සංවිධායකයන් යැයි කියූ නාමිකයන් කල යුතුව තිබුනි. වීරවංශ නඩය සමග අවසන් කාලය තුළ වාසය කිරීම නිසාවෙන් ඔවුන් නිසැකවම ජවිපෙ අතුගා දැමීම මල ගෙදරකදී වුව සිදුකරනු බව අප දන්නෙමු. නමුත් සුපිරි වමක් සුපිරි සමාජ සාධාරනත්වයක් ගැන කතාකරන ඕපාත [මලගෙදර] සංවිධායක තැන පාංසුකූලයටත් සහභාගීවී, කුනුහරුපෙන් පරිභව කල කටින්ම ගුන ගායනා කර වසර 44ක් දහඩිය හෙලා පෝශනය කල පක්ශයේ නායකයන්ගේ අවස්තාව අහිමිකර ලැබූ ස්වයං වින්දනයෙන් පසක් වනුයේ කුමක්ද? මලගෙදරකදී ජවිපෙ කෙරෙහි වෛරය මෙය නම් මර්ධනයකදී උඩ පැන පැන ජවිපෙට එරෙහි වනු ඇත. සියලු තොරතුරු පාවාදීම් සිදු කරනු ඇත. මේ ලිපිය තවමත් ලනු ගිලමින් සිටින විශේශයෙන් විශ්වවිද්‍යාලවල සිටින සිසු සොයුරන් වෙනුවෙන් ලියමි. මන්ද ඔවුන් බොහෝ දෙනෙක් සමග මා කෙටිපනිවුඩ ඔස්සේ පුද්ගලිකව සංවාද, එකඟතාවලට පැමිනෙන නිසාවෙනි.

ඔබගේ විප්ලවීය ගුන, අවංක භාවය ,වල්මත් වුන පෙරටුගාමී නායකයන් කීප දෙනෙකු විසින් මේ අසාධාරන සමාජරටාවට එරෙහිව සංවිධානය කරනු වෙනුවට ජවිපෙට එරෙහිව වෛරක්කාරයන් බවට පත් කරමින් ඇත. පොඩි උදාහරනයක් ලෙස එක් විශ්වවිද්‍යාල සොයුරෙක් මගෙන් ජවිපෙ මීට කලකට පෙර ගැසූ පෝස්ටරයක් වෙන්ව ගෙන එය මාක්ස් වාදායට අනුව ගැලපේද ලෙස ඇසුවේය. එවිට මා පැහැදිලි කලේ අදාල තත්වයන් සැලකිල්ලට නොගෙන පෝස්ටරය පමනක් කියවීම හරියට සම්භාව්‍ය චිත්‍රපටයක ලිංගික දර්ශනයක් වෙනම ගත් කල කුනුහරුපයක් ලෙස අරථ දැක්වියහැකි අතර එය සමස්ථ චිත්‍රපටය සමග බැලූ විට උසස් නිර්මානයක් විය හැකි බවයි. මම පසුව ඔහුගෙන් ඇසුවේ, සරත් ෆෝන්සේකා ඇතුලු සිරකරුවන් වහා නිදහස් කරනු ලෙස පෙරටුගාමීන් ගැසූ පෝස්ටරය ගැන විග්‍රහයක් දෙන ලෙසයි. එවිට ඔහු මුලින්ම එලෙස පෝස්ටරයක් නොගැසූ බව කියා පසුව කීවේ එවැනි පෝස්ටරයක් ගැන දැනුවත් නොමැති බවයි.

මා ඔහුට යෝජනා කලේ වසර පහක කෙටි ඉතිහාසයක් ඇති ඔවුනගේ පක්ෂය පළමුව හදාරන ලෙසයි. ඇත්තටම ඔහු නිහතමානී මිතුරෙකි දැන්. මෙයින් ගම්‍ය වනුයේ කුමක්ද? පෙරටුගාමීන් යනු [සියල්ලන්ම නොවේ ඉතා සුලු පිරිසක්. සමහරවිට මේ බෙදීම ඇතිකල උන් අද ඔවුන් සමගවත් නැත්තා විය හැක] ජවිපෙ මර්දනය වෙනුවෙන් ප්‍රජාතන්තරවාදීප්‍රවාහය තුල බිහි වූ ප්‍රා, කලුබලල්ලු වැනි කල්ලියක් බව නොවේද?

ජූරිය ඔබයි. මේ ලිපියෙහි වගකීම ලිපිය ලියූ මවිසින් බාරගනු ලබන අතර මෙහි ඇති විවිද තොරතුරු ගෙන හැර සම්ස්ථ පක්ශයට අවලාද නොනගා ගැටලු ඇතොත් ජවිපෙට දුරින් සිට සුභ පතන්නෙක් වන තුශාර ජයසූරිය වන මා වෙත එල්ල කරන මෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිමි.

රෝහන සහෝදරයා/ ගමනායක සහෝදරයා, සමන්පියසිරි ප්‍රනාන්දු සහෝදරයා, උපාලිජයවීර සහෝදරයා, සිරි අයියා, අද අනුර සහෝදරයා, ඔවු හෙට කවුරුන් හෝ මේ පක්ෂය සමාජවාදය තෙක් පෙරට රැගෙන යනු මා හෝ මාගේ දරුවන් හෝ දකිනු නියතයි. 

thushara jayasooriya

Facebook
Twitter
LinkedIn