SM රංජිත් ජනාධිපති කොමිසමට

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් සිදු කළ කැඳවීමටක අනුව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පළාත් සභාවේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවත් සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 11 දෙනෙකුද නොතීසි ලත් පාර්ශවය ලෙස එම කොමිසම විසින් නම් කර ඇති බවත් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කරයි. 

ඔවුන්ගෙන්ද අද (24) දිනයේ ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරෙන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.මෙම සිදු වීමටම අදාළව මීට පෙරද හිටපු මහ ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

Facebook
Twitter
LinkedIn