(දෙවන සංස්කරණය) මේ මොහොත වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසට ගොස් ඇතැයි වාර්තාවේ.
අද (16) ටිරාන් අලස් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති අතර එය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ අරමුනින් පැවති බව මාධ්යා වාර්තා සඳහන් කර සිටි අතර මහින්ද – ටිරාන් දෙපාර්ෂවයෙන්ද එය සනාත කර සිටියහ.
මේ මොහොතේ හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා ටිරාන් අලස් මහතාගේ නිවසට ගොස් ඇත්තේද හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සාකච්ඡාවල අත්‍යවශ්‍ය තවත් විශේෂ සාකච්ඡාවකට යැයි වාර්තා වේ.
අනෝමා ෆොන්සේකා මහත්මියද ටිරාන් අලස් මහතාගේ නිවසට ගොස් සිටින අතර මෙම හමුව ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතිහාස ගත සිද්ධියක් වීමත් මෙහිදී ගනු ලබන තීරණ ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලනයට තීරනාත්මක බලපෑමක් එල්ලකරනු ඇතිවීමත් නොඅනුමානය.









