කුමන ආකාරයේ නිදහසක් ලැබේදැයි විශ්වාසයක් නැහැ – අනෝමා

සරත් ෆොන්සේකා මහතා වරදක් කර නොමැති බැවින් කොන්දේසි විරහිත‍ව නිදහස් කිරීමක් තමන් අපේක්ෂා කරන බවත් කුමන ආකාරයේ නිදහසක් ලැබේදැයි තමන්ට විශ්වාසයක් නැති බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය අද (16) මාධ්‍යවෙත පවසා ඇත.

මේ අතර, අද (16) උදෑසනද ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් මහතා අතර මේ සම්බන්ධයෙන් වූ හමුවක් පවත්වා තිබේ.

මෙසේ නිදහස්වීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා‍‍ගේ අදහස කුමක් වී ඇත්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ටිරාන් මහතා පවසා ඇත්තේ ෆොන්සේකා මහතාගේ විශේෂ යමක් පවසා නොමැති බවයි. තමන් හා ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡා සම්බන්දයෙන් හොඳ අවබෝධයක ෆොන්සේකා මහතා ඉන්නා බවත් ටිරාන් මහතා වඩිදුරටත් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn