සාලාව යුධ හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් සහ ජනතාව අදාළ ප්‍රදේශයෙන් ඉවත් කිරීමේදී පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන අතර බොහෝ පිරිසක් මිය යන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
තුවාලකරුවන් අවිස්සාවේල්ල, හෝමාගම, මහනුවර ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන ඉන් කිහිප දෙනෙක් කම්පනයට පත්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මේ වනවිට කඳවුරේ සිට කිලෝමීටරයක වපසරියෙන් පිට ජීවත්වන ජනතාවට නැවත තම නිවෙස් වෙත පැමිණියද තම නිවෙස්වල වැටී ඇති පුපුරාගිය කැබලි ඇල්ලීමෙන් වලකින ලෙසද යුධ හමුදාව අවාධාරණය කර ඇත. එමෙන්ම නිවෙස්වල රැඳී නොසිටින ලෙසද යුධ හමුදාව සඳහන් කරයි.
කෙසේ නමුත් කඳවුර අවට බොහෝ නිවාසවලට බරපතල හානි සිදුව ඇති බව සඳහන් වේ.








Views: 0









