කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරකු මරාදමා සිසුවකු සියදිවි නාසාගනී

ලෝකප්‍රසිද්ධ ඇමෙරිකානු කැලිෆෝනියා සරසවියේ සේවය කළ 39 හැවිරිදි විලියම් ක්ලග් නැමති මහාචාර්යවරයාට ඊයේ (02) දිනයේදී වෙඩි තබා මරාදැමූ එම සරසවියේම ඉන්දියානු ජාතික සිසුවකු සියදිවි හානිකර ගෙන තිබේ.

මෙම ඉන්දියානු ජාතික සිසුවා 38 හැවිරිදි මයිනක් සාර්කර් බව මේ වනවිට හඳුනාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති නමුත් මීට පෙර සිසුවාගේ පශ්චාත් උපාධි නිබන්ධනය සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමග ගැටුම් ඇති කර ගෙන තිබූ බව තොරතුරු තහවුරු කර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

කැලිෆෝනියා සරසවියේ ඉංජිනේරු පීඨයට අයත් මහාචාරයවරුන්ගේ විවේක කාමරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර මහාචාර්යවරයා හා විවාහ වී සිටි ඉන්දියානු ජාතික කාන්තාවටද ඇයගේ නිවසේදී සැකකරු වෙඩිතබා ඝාතනය කර පසුව මහාචාර්යවරයා ඝාතනය කර ඇති බවට මේ වනවිට තහවුරු කර ගෙන තිබේ.

මෙම සිදුවීමත් සමග විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවයක් ඇති වූ බව පැවසෙන අතර ඊයේ දිනයේ අධ්‍යයන කටයුතු සඳහා සිසුන් 25,000කට අධික පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ. ඝාතනයට ලක්වූ මහාචාර්යවරයා දෙදරු පියෙකු බවද පැවසේ. The gunman who killed a professor in University of California is an Indian named Mainak Sarkar.Police carrying the dead body from the crime scene. (Photo: AP)FBI officers are seen at the University of California Los Angeles (UCLA) after a shooting on the campus, June 1, 2016. (ROBYN BECK/AFP/Getty Images)Aly Dembry, 18, an aerospace engineering student, and Rebecca Hambalek, 20, pre-psychology, join fellow UCLA students for a vigil Thursday.UCLA vigil

Facebook
Twitter
LinkedIn