තිළින ගමගේ අධිකරණයට භාරවෙයි – ඇප දීම ගැන සාකච්ඡා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ගේ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි වැඩතහනමට ලක්ව සිටින විනිසුරු තිළිණ ගමගේ මහතා අද (02) ඔහුගේ  නිතිඥවරුන් සමඟ පැමිණ අධිකරණයට භාරවී තිබේ.

අනවසර අලි පැටියකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙකු වන අතර ඔහුට ඇප දෙනවාද නැද්ද යන්න අද පස්වරු 6ට ප්‍රකාශ කරන බව ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත. 

මීට පෙර ඔහුගේ නිතිඥයින් ඉදිරිපත් කළ ඔහුගේ  අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රයද අද දින ඉල්ලා අස්කර ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn