ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්!

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද (2) රිච්ටර් මාපාංකයේ 6.5ක භූකම්පනයක් සිදු වී ඇති අතර එයින් සුනාමි අනතුරක් නොමැති බවට  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුමාත්‍රා වෙරළට කිලෝමීටර් 40ක් ඈතින් කිලෝමීටර් 141ක ගැඹුරෙහි මෙම භූකම්පනය හටගෙන ඇතැයි ඇමරිකා භූවිද්‍යා ආයතනය කියයි. භූකම්පනයේ බලපෑම් සිංගප්පූරුවට ද බලපා ඇති අතර සිදුව ඇති අනතුරු පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. 

Facebook
Twitter
LinkedIn