ILO සමුළුවට වසන්ත සමරසිංහ ජිනීවා යයි

ජාත්‍යන්තර කම්කරු සම්මේලනය 105වන සමුළුවට සහභාගීවීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පසුගියදා පිටත්ව ගොස් සිටින බව එම සංගමය පවසයි. 

පසුගිය 30වනදා සිට සති 2ක කාලයක් සමුළුව පැවැත්වෙන අතර මෙම සමුළුව සඳහා ලාංකේය වැඩකරන ජනතාව නියෝජනය කරමින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn