ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා සිය තනතුරින් ඉල්ලා අස්‌වී ඇති බවත් ඔහුගේ අස්‌වීමේ ලිපිය ඒ මහතා විසින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෙත යවා අති බවත් ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසා ඇත.
සභාපතිවරයා ඖෂධ ආනයනයේදී අධිකාරිය අදාළ ආනයන සමාගම් සමඟ ගැටුම් ඇති කරගත් බවත් ඔහු බුද්ධිමතකු වුවත් පවතින ඖෂධ මාෆියාව හා තරගය හමුවේ කඩිනමින් කටයුතු කිරීමට ඔහුට අසීරු බවත් මෙහිදී ඇමැතිවරයා කියා තිබේ.
කෙසේ නමුත් සභාපතිවරයා ඉල්ලා අස්‌වී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව එම අස්‌වීමේ ලිපියේ සඳහන් කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා ඇත.
ඖෂධ ආනයනයේදී අධිකාරියේ නිලධාරීන්ට එම මාෆියාවට යට වන්නට සිදුවන ආකාරය ගැන 2015.03.04 දින ඖෂධ නියාමන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එකවෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
https://www.youtube.com/watch?v=BhA1J_iBCLc









