මේ ප්‍රදර්ශනය කරන්නේ මහින්ද පිලේ බංකොලොත්කමයි

තමන් මිනිස් ජීවිතයක් බේරාගැනීමට ගොස් රියඅනතුරකට ලක් වූ මොහොතේ සිට මහින්ද රාජපක්ෂ පිලේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන විමල් වීරවංස සිය වෙබ් අඩවිය යොදාගනිමින් ව්‍යාජ පුවත් මවමින් තමන්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් අවලාද නැගීමට කටයුතු කළත් අවසානයේ අධිකරණයේදීම විමල් වීරවංසගේ නිරුවත එළිදරව් වූ නමුත් එයින් නොනැවුතුණු ඔහු මේ වනවිට මහින්ද රාජපක්ෂ පිලේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තමන්ට එරෙහිව තවත් අවලාදයක් ගොඩනගමින් සිටින බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූ වේ “ජවිපෙ පා.ම විජිත හේරත් මහතාට රජයේ වාහනයක් ලබාදුන්නේ කවර හේතු‍වක් නිසාද”යැයි අද (01) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද පිල නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  සිසිර ජයකොඩි සිදු කළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා පැවසූවේ අනතුරට පත් වූ රථය තමන්ගේ නමට ඇති රථය බවත් එය දැනට වසර 4ක පමණ සිට තමන් පාවිච්චි කරණ රථය බවත් මහින්ද රාජපක්ෂ පිල සිය බංකොළොත්කම ප්‍රදර්ශනයකරමින් කටට එන එන බොරු කියමින් ජවිපෙට අවලාද නැගුවද ජවිපෙ යන ගමන ඉන් අඩාල කිරීමට ඔවුන්ට නොහැකි බවත් ඔවුන් නිරන්තරයෙන් මෙවැනි බාල උත්සාහයන්වල නිරතවෙමින් ඔවුන්ගේ බංකොලොත් කම ප්‍රදර්ශනය කරන බවත්ය.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  සිසිර ජයකොඩි නගන තවත් තර්කයක් වන්නේ එම අනතුරේදී පොදු දේපළකට හානි වී තිබියදී විජිත හේරත්මහතාට ඇප ලබා දීම නීති විරෝධී කටයුත්තක් බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිවේදීන්ගෙන අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ රුපියල් 25000කට වඩා අඩු අලාභහානියක් සිදුව ඇත්නම් පොලීසියට ඇප ලබාදිය හැකි බවත් රුපියල් 25000කට වඩා වැඩි අලාභහානියක් සිදුව ඇත්නම් ඒ සඳහා පොලිස් ඇප ලබා දිය නොහැකි බවත්ය.

ඒ අනුව දුරකථන රැහැන් කනුවට සිදුව ඇති අලාභය රුපියල් 25000කට වඩා අඩු බැවින් එම පොලිස් ඇප ලබා දීමේ වරදක් නැති බවද ඔවූහු පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn