ගුවන්තොටුපළට හොරපාරෙන් පත්වීම්

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ගුවන්තොටුපළ ස්ථීර කාර්යමණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීමට කිසිඳු ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ පුවත්පත් දැන්වීමකින් හෝ පොදු ජනතාව දැනුවත් නොකර මේ වනවිට කටුනායක ගුවන්තෝපළ පරිශ්‍රයේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් තිබෙන බව වාර්තා වේ.

රියදුරන් 10දෙනෙකු බඳවා ගැනීම සඳහා මෙසේ සම්මුඛ පරීක්ෂණ පවත්වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් හා 07දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පැවසේ.

ගුවන්තොටුපළ සේවකයන් පවසන්නේ එහි පවතින පුරප්පාඩු පිරවීමේදී පළමුව පියපුතු පදනම මත සේවකයන් බඳවා ගන්නා බවත් පසුව ඉතිරිවන පුරප්පාඩු සඳහා පොදු සම්මුඛ පරීක්ෂණවලින් සේවකයන් තෝරාගන්නා බවය.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පසුගිය පාලන සමයේ මාතර, හමුබන්තොට ආදී ප්‍රදේශවලින් අත්තනෝමතික ලෙස සේවකවන් පිරවූ ආකාරයටම වත්මන් පාලකයන් දැන් බදුල්ල, කුරුණෑගල ආදී ප්‍රදේශවලින් අත්තනෝමතික සේවක පුරප්පාඩු පුරවමින් සිටින බවය. 

මෙවැනිම ආකාරයට ගුවන්තොටුපළ ස්ථීර පොදු කාර්ය සහයක වරුන් බඳවා ගැනීම සඳහා අත්තනෝමතික සම්මුඛ පරීක්ෂණයක් හෙට (02) දිනයේද ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා වන අතර අශෝක් අබේසිංහ මහතා එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙද කටයුතු කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn