VIDEO:- විජිතට එරෙහි අවලාදවලට අධිකරණයෙන්ම පිළිතුරු

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගමන් ගත් කැබ් රථය රාජගිරිය ප්‍රදේශයේදී මිනිස් ජීවිතයක් බේරාගැනීමට ගොස් සිදු වූ අනතුරට අදාළ නඩුව අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර එහිදී අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් විජිත හේරත් මහතා රුපියල් 1500ක රජයේ ගාස්තුවකට යටත් කොට නඩුව අවසන් කර තිබේ. 

අපරික්ෂාරී ලෙස රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාවලට ඔහු මෙසේ වරදකරු කර ඇති අතර බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මටම ඔප්පු කළ නොහැකි බව කී මහේස්ත්‍රාත්වරයා ඔහු එම චෝදනාවෙන් නිදොස්කොට ඇත.

Facebook
Twitter
LinkedIn