ඉන්ධන මිල යලි ඉහළ ගියොත් බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු විජේරත්න

ආණ්ඩුව ඉදිරි දිනවලදී ඉන්ධන මිල ඉහළ දැමුවහොත් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

“පෙබරවාරි මාසයේදී අධීක ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයත් පෙබරවාරි මාසයේදී කරන්නට සිදුවුනා. එහෙත් නැවත වරක් ජූලි මා‍සයේදී බස් ගාස්තු සංශෝධනයක් නොවන නිසා එම ප්‍රමාණය 20% ක් ලෙස ලබාදෙන්න කටුයුතු කළා. මේ අනුව රුපියල් 4යි ශත2ක අමතර මුදලක් බස් හිමියන්ට ලැබුණත් වැඩිපුර මුදලට සාපේක්ෂව මේ වනවිට ටයර්, ටියුබ්, අමතර කොටස් සහ සේවක පඩිනඩි ගෙවීමද විශාල ලෙස ඉහළ ගියා.

මේ නිසා අද වන විට බස් කර්මාන්තය පවත්වාගෙන යන්නේ දැඩි අර්බුද මධයේය. මෙවැනි වටපිටාවක නැවත වරක් ඉන්ධන මිල ඊහළ දැමුවහොත් නැවත වරක් බස් ගාස්තු වැඩිකරන්න සිදුවෙනා” යනුවෙන් ඔහු වැඩිදරටත් අවධාරණය කර සිටියේය.

Facebook
Twitter
LinkedIn