
කරවනැල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරිහලක තිබී ගංජා තොගයක් පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම කිරිහල ඉන්දික නැමති පුද්ගලයෙකුගේ නමට ඇති බවත් පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාලගේ සම්බන්ධීකරන ලේකම් වරයෙක් යැයි කියන පුද්ගලයෙක් සමග හවුල්වී මෙම කිරිහල ඉන්දික විසින් පවත්වාගෙන යන බවත් පැවසේ.
සුරාබදු ඒකකයට අයත් කාර්යාලයක් ඉදිරිපිට මෙම කිරිහල පවත්වාගෙන යන අතර නියෝජ්‍ය අමාත්‍ය මිත්‍රපාලගේ මැදිහත්වීම මත එම ස්ථානයේ මීට වසර දෙකකට පමණ පෙරදී එය ආරම්භකර ඇත.
එම ස්ථානයේ ගංජා විකුණන බවට ලැබුනු පැමිනිල්ලක් මත වැටලීම් කළ නාරංබැද්ද කඳවුරේ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 600ක් සමග අජිත් කුමාර නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් අජිත් කුමාර නිදහස්කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාලගේ සම්බන්ධීකරරන ලේකම් යැයි කයන පුද්ගලයා විසින් රුවන්වැල්ල පොලීස්ථානාධිපතිවරයාට දිගින් දිගිටම බලපෑම් කරමින් සිටින බවත් “STF එකේ වැඩක් නිසා අපිට මුකුත් කරන්න බෑ” යනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පවසා ඇති බවත් විශේෂ ආරංචිමාරග් පවසා සිටී.









