එස්.එල්ට අනුව ජී.එල් වැරදියි.

ඇමරිකාවට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට නම් අපි ආණ්ඩුවක් පත් කර ගත යුතු නැති බවත් පවතින ආණ්ඩුව විසුරුවා හැර ඇමරිකානු තානාපතිවරයාට ශ‍්‍රී ලංකාව පාලනය බාර දිය යුතු බවත් එස්. එල්. ග=ණසේකර මහතා පවසයි. ඒ ඊයේ පස්වරුවේ කොළඹ සවුසිරිපායේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි. එහිදී ඒ මහතා විදේශ ඇමති ජී.එල් පීරිස් මහතා පිළිබඳවද අදහස් පළකළේය.

‘මම නං ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් මේ කාලකන්නි විදේශ ඇමතිව දොට්ට දාන්න.  ඕකා හතුරෙක්,  ඕකා නිවටයෙක්. විදේශිකයට හිස නමන මිනිහෙක්.’

‘ජිනීවා යෝජනා පිළිගන්නවාද නැද්ද’ මැයෙන් ඇමති විමල් වීරවංශ මහතාගේ ජාතික සංවිධාන එකමුතුව විසින් මෙම සම්මන්ත‍්‍රණය පැවත්වා තිබේ.

Facebook
Twitter
LinkedIn