
අධ්‍යාපන පෞද්ගලීකරණයට හා ඊනියා නායකත්ව පුහුණුවට විරෝධය පළ කරමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 2000කට අධික ප්‍රමාණයක් පසුගිය 03 දින දහවල් 12.30ට එහි ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි.
එහිදී අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුව හකුලා ගනු ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාල පණත නැවත කරලියට ගෙන ඒමට උත්සහා ගන්නා බවත් ඊට විරුද්ධ ප්‍රධාන බාදකය වන ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සිටින සිසු නායකයින් පන්ති තහනම් කර හෝ ශිෂ්‍ය භාවය අහෝසි කරමින් සිසුන් මෙල්ල කිරීමට කටයුතු යොදමින් සිටින බවත් විශ්වවිද්‍යාලය තුළට අලුතින් පැමිණෙන සිසුන් ආණ්ඩුවට ගැති පිරිසක් බිහි කිරීමේ ඊනියා නායකත්ව පුහුණුව ලබා දෙන බවත් රුපියල මිලියන ගනන් වැය කරමින් ආණ්ඩුව ගෙන යන මෙම පුහුණුව මගින් එසේ කිරීමට හැකියාවක් නැති බවත් ප්‍රකාශ කරන ලදි.
මෙම උද්ඝෝෂණයේ විශේෂත්වය වන්නේ පසු ගිය නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍යයෙක් ද ඒ පිළිබදව අදහස් දැක්වීමයි.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ නායකත්ව පුහුණුව මගින් ඹවුන් ගත් දෙයක් නොමැති බවත් කරාබු පැළද කොණ්ඩය වවාගත් පුද්ගලයෙකු පැමිණ විනය සදා ගත යුතු ආකාරය ප්‍රාකශ කල ද ඔහුගේ හැසිරීමේ හෝ විනයක් නොතිබූ බවයි. ඔවුන්ට ලොකු මස් කෑල්ලක් සමග කෑම වේලක් ලබා දී තමන් ආණ්ඩුවට ගැති පිරිසක් බවට පත් කිරීමට උත්සාහ කළ බවත් වැඩිදුරටත් පැවසීය.
එස් බී දිසානායක මහතා ලැප්ටොප් පරිගණක ලබා දෙන බව ප්‍රකාශ කලත් ඒ පිළිබදව සොයා බැලීමේ දී 12% ක පොලියක් යටතේ හා රජයේ ඇපකරුවන් දෙදෙනෙකු ගේ ඇපවීම මත ලැප්ටොප් පරිගණක ලබා ගැනීමට ණය මුදලක් ලබා දෙන බවත් එහිදී ලබා ගත හැකි වන්නේද එක් මාදිලියකට අදාල ලැප්ටොප් පරිගණක පමණබවත් එහිදී ඔහු විසින් අනාවරණය කර සිටියේය.
මෙම කරුණු මූලික කරගනිමින් පැය 2 කට ආසන්න කාලයක් උද්ඝෝෂණ ව්‍යාපාරය පැවතින.












