වෙඩිතබා ගැනීමකින් හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුට

හමුදා සෙබළුන් දෙදෙනෙකු අතර සිදුවූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් දෙදෙනාම ජීවිතක්ෂයට පක්ව ඇතැයි වාර්තාවේ.

යාපනය නාගවිහාරය ආසන්නයේ ආරක්ෂක මුර කපොල්ලක රාජකාරියේ යෙදී සිටියදී පෞද්ගලික ආරවුලක් මත සිදුවු මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇතැයි පැවසේ.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් පී.ආර්.වනිගසූරිය මහතා කියා සිටියේ රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු සිය රාජකාරී අවියෙන් මිතුරාට වෙඩිතබා එයින් අනතුරුව තමාද වෙඩිතබා‍ගෙන සියදිවි නසාගෙන ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය හා යාපනය පොලීසිය එක්ව විමර්ශන කටයුතු සිදුකරනබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටී.

Facebook
Twitter
LinkedIn