පුතුන් දෙදෙනා සමග නිල ගුවන් යානයක යෑම පිළිබද ඇති වූ මහජන විරෝධතාවය හමුවේ ප්‍රංශ අගමැතිවරයා විසින් තමා වරදක් කළ බවට පිළිගෙන ඇත. උග්‍ර පාපන්දු ලෝලියෙකු වන ප්‍රංශ අගමැති මැනුවෙල් වොලස් බර්ලිනය බලා පසුගිය සතියේ දී පිටව ගියේ ස්පාඤ්ඤයේ බාර්ලිලෝනා සහ ඉතාලියේ ජුවෙන්ටස් අතර පැවති චැම්පියන් කුසලාන අවසාන මහා තරගය නැරඹීමටය. බාර්සිලෝනා පිළේ ප්‍රබල ආධාර කරුවෙකු වූ මැනුවෙල් වොල්ස් මෙම තරගාවලිය නරඹන්නට බර්ලිනයට ගොස් ඇත්තේ යූඊඑෆ්ඒ සභාපති මිචෙල් ප්ලැටිනියේ ආරාධනයට අනුව බවත් එබැවින් එම චාරිකාව නීත්‍යනුකූල බවත් වොල්ස් පවසා සිටියේය. රටේ 10%ක් විරැකියාවෙන් පෙළෙන කාලයකදී අගමැතිවරයා තම පුතුන් සමග රජයේ ජෙට් යානයකින් පාපන්දු තරග නරඹන්නට යෑම කනගාටුවක් බව ප්‍රංශ ජාතිකයින් බහුතරයක්ගේ මතය වී ඇත.
ලා පැරිසීයන් පත්‍රය මේ සම්බන්ධව පළකර ඇති අදහසට අනුව ප්‍රංශ අගමැති යුරෝපා පාපන්දු බලධාරීන් නිල වශයෙන් හමුවී ඇති නොමැති බවත් පාපන්දු තරගය අතරතුර ක්රීඩාගාරයේදී යුරෝපා පාපන්දු බලධාරීන් සමග සුහද කතාබහක යෙදී ඇති බවත්ය.
දිගින් දිගටම නැගෙන මහජන විරෝධතාවය හමුවේ රාජ්‍ය වියදමින් පුතුන් දෙදෙනා සමග බර්ලිනයට යෑම වරදක් බව අගමැතිවරයා විසින් පිළිගෙන ඇත. එම සිදුවීම පිළිබද තමා කණගාටු වන බවත් තම පුතුන් වෙනුවෙන් වැයකළ යුරෝ 2000ක මුදල පුද්ගලික මුදලින් ගෙවන බවටද ඔහු ප්‍රතිඥා දී ඇත









