මහින්ද රාජපක්ෂ මහතාගේ නරක තිබූ පමණින් කළ හොඳ සියල්ල අමතක කර යුතු නැතැයි හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඊයේ (22) පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එකතු කර ගනිමින් ඉදිරියට යෑමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් එය ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත්ය.
පාඨලී ඇමතිවරයා ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් සිය ස්ථාවරයන් වෙනස් කරමින් ශ්‍රීලනිපයේ කොටස්කරුවකු වීමට උත්සාහ ගනිමින් සිටින බවට අනාවරණය වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලං වෙමින් සිටින ඇමතිවරයා පසුගිය මැතිවරණ සමයේදී රාජපක්ෂවරුන්ට විරුද්ධව බව පෙන්වමින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීය. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ පාඨලී චම්පික ඇමතිවරයාට රටේ නායකයා විය හැකි යැයි ජ්‍යොතිෂවේදීන් ප්‍රකාශ කිරීමත් සමග ඔහු ඉක්මනින් වෙනස් වෙමින් තම බලය ගොඩනගා ගැනීමට උත්සාහයක යෙදී සිටින බවය.
මේ අතර හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ඉතා රහසිගතව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රජපක්ෂ මහතා හමුවී තිබේ. එක් පැත්තකින් රතන හිමියන් ගෝඨාභය රාපක්ෂ හමු වන අතර පාඨලී චම්පික ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයා පිළිබඳව ගුණ වැයීම හුදෙක් තම බලය අරමුණු කරගෙන සිදු කරන දේශපාලන උපක්‍රමයක් බව පැහැදිලිය.









