මෛතී‍්‍රපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාය. එහිදී ඔහුට පක්ෂයක් නොවීය. ඔහුව ශී‍්‍ර.ල.නි.ප.යෙන් ඉවත් කර තිබුණි. සැබවින්ම ජනාධිපතිවරණ කාලයේදී ඔහු නිර්පාක්ෂික විය. එබැවින් ම ඔහුගේ ප්‍රකාශ හා කි‍්‍රයා කලාප ස්වාධීන විය. එහෙත් ජනවාරි 12 වැනිදායින් පසු සියල්ල වෙනස් විය. පරාජිත මහින්ද පක්ෂයේ බලය තහවුරු කර ගන්නට හැදුවේ එදිනය. එදිනම මහින්දට විරුද්ධ විජිතමුණි සොයිසා ඇතුළු පිරිස සටන ඇරඹීය. සටන කෙළවර වූයේ මෛතී‍්‍ර පක්ෂයේ සභාපති කරමින්ය. ටික දිනකින් මෛතී‍්‍ර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද සභාපති විය. දේශපාලනයේ නොසිතූ දේවල් සිදුවන බව ඉන් ඔප්පු විය.
ස්වාධීන මෛතී‍්‍ර නැවත ”ශී‍්‍ර ලංකා මෛතී‍්‍ර,”බවට පත්විය. එතැන් සිට ලංකාවේ දේශපාලනයේ සිදුවූ සියල්ල පක්ෂ බල ගැන්වීමේ උවමනාව මතම සිදුවිය. දින සියයේ ප්‍රධානතම කටයුත්තක් වූයේ ජනාධිපතිගේ විධායක බලය වෙනස් කිරීමය. එනම් 19 වන සංශෝධනය සම්මත කර ගැනීමය. ඒ සඳහා විද්වත් සංවාද ගණනාවක් පැවැත් වුණි. දේශපාලන පක්ෂ අතරද, සාකච්ඡුා ගණනාවක් පැවැත් වුණි. එකී සාකච්ඡුාවලට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස් යන අයද, සහභාගී වූහ. විධායක බලතල මුළුමනින්ම අහෝසි කිරීම ශී‍්‍ර.ල.නි.ප.යේ මුල් ස්ථාවරය විය. සිරිමාවෝ බණ්ඩාරනායක අවදියේ සිට එය පක්ෂ ස්ථාවරය වී තිබුණි. මුල් සාකච්ඡුාවලදී එම ස්ථාවරයේම නිමල් හා ජී.එල්. අදහස් දැක්වූහ. එහෙත් ටික දවසක් යනවිට තත්වය ටික ටික වෙනස් විය. පක්ෂයේ අවසන් අදහස ඉදිරියේ පැවැත්වෙන වැඩමුළුවෙන් පසු, දැනුම්දෙන බව ඔවුහු පැවසූහ.
කිවූ පරිදිම ශී‍්‍ර.නි.ප.යේ පක්ෂ වැඩමුළුව දෙදිනක් පුරා මීගමුවේදී පැවැත්වුණි. එහිදී ප්‍රධානියා වුණේ මෛතී‍්‍රපාල සිරිසේනය. එ.ජා.ප.ය හා එක්ව ආණ්ඩුව පවත්වාගෙන යෑමට එකතුවෙන ලෙස ඔහු එහිදී ආරාධනා කළේය. කියූ ලෙසින්ම එස්.බී., පවිත්‍රා ඇතුළු පිරිසක් මෛතී‍්‍රගේ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත්හ. ඒත් එක්කම නිමල් සිරිපාල පක්ෂයේ අදහස ලෙස ලිඛිත යෝජනාවක් ඉදිරිපත් කළේය. විධායක ජනාධිපති බලතල මුළුමනින්ම වෙනස් නොකළ යුතු බව එහි සඳහන් විය. ඒත් එක්කම 19ට අදාළ මුල් සාකච්ඡුා සැකිල්ලේ බොහෝ දේවල් වෙනස් කළ යුතු බවට යෝජනා විය. ඒ සියල්ල කේන්ද්‍රගත වූයේ විධායක බලතල යම් පමණකින් රැුක ගැනීමටය. ජනාධිපතිගේ මුක්තිය හෙවත් නඩු දැමිය නොහැකිය යන්න ඉවත් කිරීමට ඔවුහු විරුද්ධ වූහ. එතැනින් ආරම්භ වූ 19 දියාරු කිරීම සම්මත වන අවසාන මොහොත දක්වා ඇදී ගියේය. අවසානයේ විධායක බලතල ස්වල්පයක් පමණක් අහෝසි වන 19ක් සම්මත විය.
මෛතී‍්‍ර තම පක්ෂයේ සභාපති වූ පසු, එතෙක් තිබූ ශී‍්‍ර.ල.නි.ප.ස්ථාවරය වෙනස් විය. ජනාධිපතිවරණයේදී විධායක බලතල මුළුමනින්ම අහෝසි කරනවා යැයි පොරොන්දු වූ මෛතී‍්‍රද මේ කාලය පුරා නිහ`ඩ විය. ඉතා පැහැදිලිව නිමල් සිරිපාල හරහා ඉටුවූයේ පක්ෂයේ බලය රැුකගන්නා උපක්රමයකි. මෙය පක්ෂයේ සභාපතිගේ මතයට විරුද්ධව සිදුවූවා යැයි කිසිසේත්ම සිතිය නොහැක. කාගේ කාගේත් අවබෝධය මත සිදුවූ බව ඉතා පැහැදිලිය.
එහිදී ඡුන්ද ක්‍රමය වෙනස් කිිරීමද 19 හා එක්ව ගෙන ආ යුතු බවට කොන්දේසියක් විය. මෙම කොන්දේසිය දැමුවේ කාලය දික්කර ගැනීමට බව කාටත් පැහැදිලිය. එය එසේ කරන්නට ගියා නම්, අදටත් 19 සම්මතවීමක් නැත. දැන් 20 කරලියට පැමිණ ඇත. 20 පිළිබඳවද සාකච්ඡුා ගණනාවක් පැවැත්විණ. අවසානයේ යම් ලියවිල්ලක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. එහෙත් දවස් කීපයකින්ම එය දෙවතාවක් වෙනස් විය. ඉදිරිපත් වූ යෝජනාවට දේශපාලන පක්ෂවල අදහස්ද ලබාගත්තේය. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් 20ක් දැන් ගැසට් කර ඇත. ශී‍්‍ර.ල.නි.ප. මෛතී‍්‍ර පිලට උවමනා වී ඇත්තේ 20 පෙන්වා කල්ගැනීමටය. කල් ගන්නේ පක්ෂ අභ්‍යන්තර බලය තහවුරු කරගන්නටය. පසුගිය දවස්වල ඇමැතිවරු හා උපදේශකවරු පත්කළේ ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ය. දඹදෙණියේ රැුස්වීම බරපතල ප්‍රකාශයක් කළ එකක් විය. එහිදී මෛතී‍්‍ර කිව්වේ ”මම එජාපයත් එක්ක ගිවිසුම් ගහල නෑ. ශී‍්‍ර.ල.නි.ල.ප.ය ප්‍රධාන කරගත් ආණ්ඩුවක් තමයි ඉදිරියට හදන්නේ,”කියාය. ඒත් එක්කම ”ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන් ඡුන්දය තිබ්බා නම්, යූ.එන්.පි.ය දිනලා ආණ්ඩුවක් හදලා. මම එහෙම ඡුන්ද තිබ්බේ නෑ.”යැයි ද කීවේය. දැන් මෛතී‍්‍ර වැඩකරන්නේ ස්වාධීන පොදු කෙනෙකු ලෙස නොවන බව මින් ඉතා පැහැදිලිය. තමන් පක්ෂයට ද්‍රෝහී වුණේ නැහැ යයි ඔප්පු කරන්නට අවශ්‍ය වී ඇත. ඒ නිසාම කලින්ට වඩා දේවල් කරන්නට ද හැකියාවක් ඇත.
අලූත් ඡුන්ද ක්‍රමය ඇතුළත් ගැසට් පත්‍රයේ ළ`ග එන මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමයටද යන්න සඳහන් කර නැත. එනම් ළ`ග එන මැතිවරණය අලූත් ක්‍රමයටම පැවැත්වීම ශී‍්‍ර.ල.නි.ල.යේ උවමනාවය. අලූත් ක්‍රමයට අනුව ආසන සංවිධායක වරුන් ප්‍රධාන අපේක්ෂකයන් වන්නේය. ඔවුන් පත්කරනු ලබන්නේ පක්ෂ සභාපතිය. මහින්ද පිලට එකතු වූ බොහෝ අයට අපේක්ෂක කම ඉල්ලාගෙන මෛතී‍්‍ර ළ`ගට එන්න සිදුවේ. ආසනයට ශී‍්‍ර.ල.නි.ප.යෙන් අපේක්ෂකයා පත්කරන්නේ මෛතී‍්‍රය. මෙවන් තත්වයක් තුළ මහින්ද පිල වෙනම ඡුන්දය ඉල්ලූවත් ප්‍රශ්නයක් නොවේ යැයි සිරිපාලලා කල්පනා කරති. සැබවින්ම අලූත් ඡුන්ද ක්‍රමය ගෙන එන්නට ද`ගලන්නේ තම පක්ෂ අභ්‍යන්තර ප්රශ්නය විසඳා ගන්නටය.
ඒ බව තවත් පැහැදිලි වන්නේ අ`ගහරුවාදා රැුස්වූ ශී‍්‍රලනිපයේ ආසන සංවිධායක රැුස්වීමෙන්ය. එහිදී මහින්ද හා මෛතී‍්‍ර එකතු කිරීමට කමිටුවක් පත් කළේය. ඒ වගේම මහින්ද පිලෙන් අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද ම පත්කළ යුතු බවට යෝජනාවක් විය. එහෙත් බදාදා වෙන විට එකී කමිටුව අහෝසි විය. අගමැති අපේක්ෂකයා නිමල් සිරිපාල බව අනුර පි‍්‍රයදර්ශන යාපා ප්‍රසිද්ධියේ කියා ඇත. අ`ගහරුවාදා නිල් එළියක් දැක්වූ සාකච්ඡුාව බදාදා හැන්දෑව වන විට රතු එළියක් දැල්වීය. සියල්ල බලය මුල්කරගෙන සිදුවේ. සියලූ ඉත්තන් කැරකෙන්නේ බලය මුල්වූ කේන්ද්‍රය වටාය.
එජාපයත්් කලබලයට පත්වී ඇත. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කැඳවීය. 20 ගැන දැඩි ස්ථාවරයකට ආවේය. ගැසට් පත්‍රයෙන් පසුව තවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කැඳවා ඇත. විශ්වාස භංගය හා 20 ඉදිරියට දමාගෙන මෛතී‍්‍ර ගහන ගේමට, ගේමක් දෙන බව පැහැදිලිය. ඉක්මනින් ආණ්ඩුවක් හදන්න සිහින මවාගෙන සිටිය රනිල්ගේ සිහින සැබෑ නොවීම කලබලයට හේතුවකි. යූඑන්පියත් තම බල උපමනාව වෙනුවෙන් 20ම යොදා ගනී. විශ්වාස භංගය ඉවත්කර ගන්නවා නම්, සහාය දෙන බව මුලදී කිව්වේය. එහෙත් ඒකෙන් විශ්වාස භංගය ගෙන නොඑන බවට සහතිකයක් නොලැබුණි. දැනටමත් රනිල්ට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පැමිණ ඇත. ”අන්තෝජටා බහිජටා”තත්වයට යූඑන්පිය පත්වී ඇත. ඒ නිසාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ලිඛිතව ඉල්ලීම ද සිදු විය.
කව්රු කව්රුත් විස්ස යොදා ගන්නේ පක්ෂ බල උවමනාව වෙනුවෙනි. එහෙත් රටේ ජනතාව බලාපොරොත්තු වූයේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි. පවතින මැතිවරණ ක්‍රමය අවංකවම වෙනස් කර ගැනීමේ උවමනාවක් ජනතාවට ඇත. එහෙත් සිදුවන දෙය ජනතාවාදී දෙයක් නොවේය. රට දවසින් දවස අරාජිකත්වයට ඇද වැටෙමින් පවතී. යහපාලනයේ දුන් පොරොන්දු ඉටු වන්නේ ද නැත. මහින්ද ඇතුළු හොරු කණ්ඩායමද දවසින් දවස මෙම අරාජිකත්වය තමන්ගේ වාසියට පෙරලා ගනිමින් සිටිති. තව තව ඇදගෙන යෑම තුළ මෙය තව තවත් තීව්ර වේ.
ජනතාව දුන් ජනවරමට අනුව වැඩ කිරීම මෛතී‍්‍ර-රනිල් පාලනයේ වගකීමකි. එය එසේ කළ නොහැකි නම් බොරුවට කල් මැරීම තවත් අර්බුද නිර්මාණය කරන්නට හේතුවක් වේ. සතුරා මේ සියල්ල තමන්ගේ වාසියට පෙරළා ගනියි. දැනට ඇතිවූ වෙනස සැපය. තව තව වෙනස් කරන්නට ගියහොත් තියෙන සැපයත් නැතිවී යනු ඇත.
පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න බවට පත්කරලීම වහා නතර කළ යුතුය. ඒවා තම තමන්ගේ පක්ෂ ඇතුළේ බේරාගත යුතුය. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයාගත හැකි ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට අයිතියක් ඇත. ඒ අයිතිය ලබාදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධාන වගකීමකි. ඒ සඳහා පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිය යුතුය.
එයට පටහැනි වුවහොත් ඔහුව පත්කළ බලවේගය ම ඔහුට එරෙහි වනු ඇත. දැනටමත් එය ආරම්භ වී ඇත. ස්වාධීන පොදු මිනිසා පාක්ෂික බලපොරයේ නියමුවා වීම පොදු ජනයා ප්‍රතික්ෂේප කරයි.









