Video: උමා ඔය – වන්දි ඉල්ලා ජනතා විරෝධතා

බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියෙන් හානියට පත්වූවන්ට වහාම වන්දි ගෙවා දැනට පානීය ජලය අහිමි වී සිටින අයට ස්ථීරව ජලය ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයක් 20 වැනිදා බණ්ඩාරවෙල නගරයේදී පවත්වා තිබේ. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ”අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතා එකමුතුව” විසිනි.

විරෝධතාකරුවන් බැනර් හා පුවරු රැගෙන පාගමනින් නගරය මධ්‍යයට පැමිණ විරෝධතාවයට එක් වූ අතර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ජනතාව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක් වී සිටියහ. මෙම විරෝධතාවය නිසා ජනතාව අපහසුතාවටය පත්වන බව දන්වමින් එය වැළැක්වීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන තිබිණ.

එහෙත් එම අධිකරණ නියෝගය මෙම විරෝධතා ව්‍යාපාරයට බල නොපාන සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් බැවින් මෙම අධිකරණ නියෝගය එය කෙරෙහි අදාල නොවන බව සංවිධායකයින් ප්‍රකාශ කර තිබේ. මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඇමතූ ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කර සිරගත වීමට වුවද සූදානම් බවය. 

Facebook
Twitter
LinkedIn