ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කරයි… හිඟ වැටුප්ද ලබාදීමටත් පියවර…

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කරයි… හිඟ වැටුප්ද ලබාදීමටත් පියවර…

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කිරීමටත්, හිඟ වැටුප්ද ලබාදීමටත් කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට පියවර ගෙන ඇත.

කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය නිවේදනයනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරන අතර එම නිවේදනය උපුටාගෙන පහතින් දැක්වේ.

“කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය මේ වනවිට වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ගොවීන් එක්ලක්ෂ හැත්තෑදහස් නවසිය පනහක් (170,950) වූ ප්‍රමාණයකට තැපැල් කාර්යාල 3,975ක් හරහා රුපියල් මිලියන 415ට වැඩි මුදලක් විශ්‍රාම වැටුප් ලෙස මාසිකව ගෙවනු ලබයි.

වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම වැටුප් සැකසීම සඳහා 2024වර්ෂයට පෙර එවන ලද  ගොවි විශ්‍රාම වැටුප්අයදුම්පත් විශාල ප්‍රමාණයක් එක්රැස්ව තිබූ අතරනව රජය පත්වීමෙන් පසුව ලබාදුන් උපදෙස් මත  එම විශ්‍රාම වැටුප් ලාභීන් හට විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල සියළු කටයුතු මේ වන විටත් අවසන් කරඇත.

මෙයට අමතරව නිසියාකාරව වාරික ගෙවා නොමැති, 25% වැඩි වාරික ප්‍රමාණයක් ගෙවා ඇති දායකයන් සඳහා ශුද්ධ වාරික සැකසීමද ආරම්භ කර ඇත.

එලෙස අප වෙත ලැබී ඇති අඩුපාඩු රහිත අයදුම්පත්  සඳහා මසක්ඇතුලත ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙයට අමතරව විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමය යටතේ දායක වී 2014 ජනවාරි මස 01දින සිට වයස අවුරුදු 60සම්පූර්ණ වී ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම්ලබා ඇති ගොවීන්ගේ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමතාවකාලිකව අත්හිටුවා තිබුණි. ඒ සම්බන්ධයෙන් ගොවි මහතුන් විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි හා ඉල්ලීම් පිළිබඳව විශේෂ අවධානයන් යොමු කරමින් එම වගකීමද වර්තමාන රජය විසින් දරාගෙන අදාල හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත.

මේ අනුව මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන වලට අනුව හිඟ වාරික ද ගෙවීමද ආරම්භ කර විශ්‍රාම වැටුප්ලාභීන්ට සහන සැලසීමට කටයුතු කර ඇත.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්