හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සංජය සමරසිංහ නැමැත්තාගේ නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සෝදිසි කර එම නිවසේ තිබූ. සැකකටයුතු සේප්පුවක් කොමිසම භාරයට ගෙන තිබේ.
ගල්කිස්ස ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස එම කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (16) රාත්රී 10.30 පමණ සිට අද (17) අලුයම 4.30 පමණ වන තෙක් සෝදිසියට ලක් කර තිබිණි.
Views: 46









