නාමල් රාජපක්ෂ 23 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

නාමල් රාජපක්ෂ 23 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සූදානම් නොමැති බැවින් ඔහුගේ ඇප නියෝගය ඊළඟ දිනයේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර ඇත.

සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්