අධිකරණ ඇමති හර්ෂන මෙහෙම දෙයක් කරයි කියලා හිතුවාද?

අධිකරණ ඇමති හර්ෂන මෙහෙම දෙයක් කරයි කියලා හිතුවාද?

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂන නානායක්කාර සම්බන්ධයෙන් නිසි කරුණු අධ්‍යනයකින් තොරව පිරිසක් විවේචන එල්ල කරන අතර ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටී.

මේ බව තහවුරු වන නවතම සඛ්‍යා ලේඛන රසපරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෙළි වී ඇත. පසුගිය අගොස්තු සහ සැප්තැම්බර් මාස දෙක තුළ දී පමණක් රස පරීක්ෂක වාර්තා දාහතදහස් නවසිය හයක් (17,906) නිකුත් කර තිබේ. අගෝස්තු මාසයේදී නවදහස් හැට එකක් (9,061) සහ සැපැතැම්බර් මාසයේදි අටදහස් අටසිය හතලිස් පහක් (8,845) වශයෙනි.

මෙලෙස කඩිනමින් වැඩි වාර්තා ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකිව ඇත්තේ නවීන තාක්ෂණික උපරකණ ලබා දීමත් සුදුසුකම් ලත් කාර්යමණ්ඩලයක් බඳවා ගැනීමත් හේතුවෙන් බව පැවසේ. මෙම කාර්යමණ්ඩලය රාත්‍රී කාලයේදි පවා කැපවීමෙන් යුතුව සේවයේ යෙදෙමින් සිටින බව වැඩිදුරටත් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්