අදත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ… වසර දෙකට රක්ෂිත 114කින් හෙක්ටයාර 65,000ක් සුරක්ෂිතයි!

අදත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ… වසර දෙකට රක්ෂිත 114කින් හෙක්ටයාර 65,000ක් සුරක්ෂිතයි!

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතින හෙක්ටයාර් 9,538.68ක (අක්කර 23,570ක පමණ) භූමි ප්‍රමාණයකින් යුත් වනාන්තර 20ක් සංරක්ෂණ සහ රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම අද (26) නුවරඑළිය සඳතැන්න වන විද්‍යායතනයේදී සිදුවිය.

පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩිගේ සහභාගීත්වයෙන් මෙම රක්ෂිත ප්‍රකාශයට පත්කිරීමේ කටයුතු සිදුවූ අතර නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර රැසක ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගතවූ වසර 02ක කාලය තුළදී පමණක් රක්ෂිත වනාන්තර එකිසිය දා හතරක් (වනාන්තර 114) ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ හරහා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර ඇති සමස්ත වන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 65,000 (අක්කර 160,618) ඉක්මවයි.

අද දින රක්ෂිත ලෙස ගැසට් කළ වනාන්තර 20

01. නුවරඑළිය ඇල්ජින් වනාන්තරය – හෙක්ටයාර 1,419.45

02. කෑගල්ල බළල්ගල වනාන්තරය – හෙක්ටයාර 73.22

03. කෑගල්ල බතලේගල වනාන්තරය – හෙක්ටයාර 27.30

04. කෑගල්ල රහලගල වනාන්තරය – හෙක්ටයාර 157.77

05. අම්පාර ලාහුගල ශාස්ත්‍රවෙල අලියාකන්ද කඩොලාන මිශ්‍ර වනාන්තරය – හෙක්ටයාර 101.07

06. අම්පාර ලාහුගල සෙංගමුව වනාන්තරය – හෙක්ටයාර 758.20

07. බදුල්ල මහියංගනය මූපලාන වනාන්තරය – හෙක්ටයාර 29.79

08. බදුල්ල මහියංගනය හීරැස්සගල වනාන්තරය – හෙක්ටයාර 168.09

09. වවුනියාව කරුංගාලිකුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 2,537.40

10. වවුනියාව නැඩුන්කේණි චමලන්කුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 580.28

11. වවුනියාව නැඩුන්කේණි පෙරියකට්ටිකුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 1,301.07

12. වවුනියාව නැඩුන්කේණි පෙරියමඩු 02 වනාන්තරය – හෙක්ටයාර 800.86

13. වවුනියාව නැඩුන්කේණි පුලියන්කුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 135.51

14. වවුනියාව නැඩුන්කේණි පුතුකුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 186.97

15. වවුනියාව නැඩුන්කේණි වන්නිවිලාන්කුලම් 02 වනාන්තරය – හෙක්ටයාර 922.49

16. අනුරාධපුර තඹුත්තේගම හබරවත්ත වනාන්තරය – හෙක්ටයාර 43.99

17. අනුරාධපුර තඹුත්තේගම කඳුලේගම වනාන්තරය – හෙක්ටයාර 46.32

18. අනුරාධපුර තඹුත්තේගම මැදවච්චිය වනාන්තරය – හෙක්ටයාර 40.78

19. අනුරාධපුර තඹුත්තේගම මුස්නව වනාන්තරය – හෙක්ටයාර 17.84

20. අනුරාධපුර තඹුත්තේගම නෑගම වනාන්තරය – හෙක්ටයාර 190.28

මෙම පියවර වර්තමාන පරිසර පද්ධතිය සුරැකීමට පමණක් නොව, අනාගත පරපුරේ ජීවිතය සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් කෙරෙන දීර්ඝකාලීන ආයෝජනයක් බව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටඹැඳි මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට කැපවීමෙන් කටයුතු කළ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ටත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ටත් සිය හෘදයාංගම ස්තූතිය හා ගෞරවය පුදකර සිටි ඔහු, මෙරට වන සම්පත අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම අඛණ්ඩව ඉටුකරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්