ශිරන්ති සිංගප්පූරුවේ සිටියත් අර්ජුන් මහේන්ද්‍රන් නෙවෙයිලු

ශිරන්ති සිංගප්පූරුවේ සිටියත් අර්ජුන් මහේන්ද්‍රන් නෙවෙයිලු

හදිසියේ රටින් පිටවී ගිය ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපියක් එවමින් කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය 24 වෙනි දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින බව සඳහන් කරමින් හදිසියේ ම විදේශ ගත වූවාය. සිරිලිය සවිය අරමුදල නමින් සිදු කර තිබූ මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශන සිදු කෙරෙන අතර, හදිසියේ ම සිංගප්පූරුව බලා පිටත් වී ගියාය.

මේ ආකාරයට ම මහ බැංකු බැඳුම්කර කොල්ලයේ මූලිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ද සිංගප්පූරුවට පළා ගියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙන බව දන්වමින් ය. ඒ බව පාර්ලිමේන්තුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් ප්‍රකාශ කළේ එවකට අගමැති ධුරයේ සිටි රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දක්වා නැති අතර, ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසයට කරුණු පැහැදිලි කර ඇත.

වෙනත් තොරතුරු මූල්‍යාශ්‍රවලින් දැක්වෙන්නේ බරපතළ අක්ෂි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව තවත් කාලයක් රටින් බැහැරවී සිටි සිටින බවට අලුත්ම නීති ගැටයක් සොයා ගෙන ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්