සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාෂ සටහන් කර ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
එම දැනුම්දීම අනුව ඉදිරි දිනකදී ඇයගෙන් අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ඒ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ සිරිලිය සවිය නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙනි.
ඊට අදාළව යහපාලන සමයේ විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ හවුල් ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ එම ගිණුම ආරම්භ කර තිබිණි.
පහුගිය සමයේ ඉතා සුප්‍රකට කරුණක් වූ ශිරන්ති රාජපක්ෂගේ 222222222V දරණ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර තිබුණේ එම ගිණුමටය.
එම ගිණුම හරහා සැකකටයුතු ගණුදෙනු රැසක් සිදුව ඇතැයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.
සිද්ධය සම්බන්ධයෙන් මීට පෙරද ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.










