නාමල් රාජපක්ෂ එයාර් බස් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි

නාමල් රාජපක්ෂ එයාර් බස් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි

2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුකර ඇති මහා මූල්‍ය වංචාවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කර ඇත.

එම කරුණු අනුව දැනට රක්ෂීත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පසුගිය සැප්තැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්