නීතිඥ සංගමයේ සභාපති කියන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් ලැයිස්තුවක් එළියට

නීතිඥ සංගමයේ සභාපති කියන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් ලැයිස්තුවක් එළියට

අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් ලෙස නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය අර්ථ දක්වන අතර, සුන්බුන් විපක්ෂ කල්ලි විසින් දේශපාලන පළි ගැනීම් ලෙස අර්ථ දක්වනිස් සිටී.

රාජපක්ෂ පාලන කාලය තුළ දේශපාලන බලය යොදවා යට ගසන ලද පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග මෙන් ම විශේෂයෙන් ම 2015 – 2019 කාලය තුළ ද දේශපාලනය බලය යොදා ගනිමින් යට ගසා තිබූ මූල්‍ය අපරාධ සහ අනෙකුත් අපරාධ රැසක් සම්බන්ධයෙන් විමර්ශන මෙන් ම, අධිකරණමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම සහ දේශපාලන පළි ගැනීම් ලෙස මෙම කණ්ඩායම් විසින් හඳුන්වා දී තිබේ.

සාධාරණ නඩු විභාගයකින් පසුව දඬුවම් නියම කරන ලද සහ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන චූදිතයින් පිළිබඳව දළ ලැයිස්තුවක් පහතින් දැක්වේ.

මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්. එම්. රංජිත්, ශෂී වීරවංශ, ශාන්තිනී චන්ද්‍රසේන, සරණ ගුණවර්ධන, ගලගොඩඅත්තේ ඥානසිරි හිමි, හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර යන අය අධිකරණ නඩු විභාග පැවැත්වීමෙන් පසුව දඬුවම් ලැබී සිටිති.

මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින චූදිතයන් සම්බන්ධ ලැයිස්තුව මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ශමීන්ද්‍ර රාජපක්ෂ, සුරේශ් සලේ, පිල්ලෙයාන්, කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සියළු දෙනා, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, දුමින්ද දිසානායක, චොකා මල්ලි, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක, අඛිල විරාජ් කාරියවසම්, සුගීශ්වර බණ්ඩාර ඇතුළු විශාල පිරිසකට එරෙහිව විමර්ශන කෙරෙමින් පවතී.

ඊට අමතරව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ යන අයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග දියත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්