මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ සාලිය පීරිස් 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව විවෘතව අදහස් පළ කිරීම ආරම්භ කර තිබේ.
ඔවුන් දෙදෙනා මේ දක්වා විවෘත තලයේ දී අදහස් පළ කිරීම සිදු නොකළ අතර, ඊයේ (21) නිහඬතාව බිඳ දමනු ලැබීය. මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම උචිත නොවන බවයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු විකෘති කරමින් ඉදිරිපත් කර තිබිණි. ඔහු සඳහන් කර තිබුණේ මුළින් ම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පමණක් යෝජනා කර තිබූ බව ය. ඉන්පසුව විවිධ අවස්ථාවල දී අනෙකුත් සංශෝධන එක් කළ බව පැවසීය. නමුත් සත්‍ය තත්වය වන්නේ අදාළ සංශෝධන පිළිබඳව අවස්ථා කිහිපයක දී රැස්වී විවිධ අංශ පිළිබඳව සමාලෝචනය කරමින් අවසන් කෙටුම්පත් සකස් කිරීමයි.
එහෙත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් සහ විරුද්ධ පක්ෂය ඒකාබද්ධව ආරම්භයේ දී ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කර අධිකරණයට බලපෑම් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ය. එවැනි විකෘති කළ ප්‍රචාර හා සමානව ම මත දැක්වීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද මේ වනවිට එක් වී සිටී. නීතිඥ සාලිය පීරිස් 2022 මහජන අරගලයේදී පෙනී සිටියේ දූෂිත දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට නැගුණු තාරුණ්‍යයේ සටන් පාඨය සමඟ ය.










