රාජිතගේ සහෝදරයාට ඇප ලැබුණත් රක්ෂිත බන්ධනාගාරයට

රාජිතගේ සහෝදරයාට ඇප ලැබුණත් රක්ෂිත බන්ධනාගාරයට

දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (18) අත්අඩංගුවට ගත් ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න ඇප මත මුදා හැර ඇති නමුත් ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර, සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමටය.

නමුත් සැකකරුට ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහිල් සේනාරත්න හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නගේ සහෝදරයෙකි.

ඔහු, 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මාළු අලෙවිසැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සෘජුවම තෝරාගත් ආයතන 02ක් වෙත අනුමැතිය ලබාදී හා එම ආයතන වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කිරීම තුළින්, දුෂණය නැමැති වරද සිදුකර ඇත.

Facebook
Twitter
LinkedIn