සුන්බුන් කල්ලි සියළුම විනිසුරුවරුන් ඉලක්ක කරයි

සුන්බුන් කල්ලි සියළුම විනිසුරුවරුන් ඉලක්ක කරයි

මෙරට අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු කරමින්, මේ වනවිට ගොඩ ගැසී ඇති නඩු ලක්ෂ 11ක් විසඳීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට විරුද්ධ පිරිස් සියළුම විනිසුරුවරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කර ඇත.

අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් ඉහළ දැමීම අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩුව අත පෙවීමක් බවට සුන්බුන් කල්ලි විසින් ප්‍රචාරය කරමින් තිබේ. ඔවුන්ගේ එම ප්‍රචාරයෙන් තියුණු ලෙස ගම්‍ය කරනු ලබන්නේ මෙරට සියළුම විනිසුරුවරුන් අපක්ෂපාතී, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඉවහල් වෙන බවයි.

වත්මන් ආණ්ඩුව යටතේ කිසිම මැති ඇමතිවරයෙකු හෝ ජනාධිපතිවරයා කිසියම් හෝ අවස්ථාවක ස්වාධීන ආයතන සම්බන්ධයෙන් අනිසි බලපෑම් කිසිවක් කර නැති පසුබිමක මෙම ව්‍යාජ ප්‍රචාරය දියත් කර තිබේ. රජයේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද මත විමසුම්වල දී 75%ක් ඉක්මවූ පිරිසක් සමස්තයක් ලෙස එම යෝජනාවලට සහාය පළ කර තිබේ.

Facebook
Twitter
LinkedIn