යුරෝපා රටවල එල්නිනෝ කාලගුණ තත්වයෙන් හට ගත් පීඩා නිසා මරණයට පත්වන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර, ජර්මනිය තුළ පමණක් එම සංඛ්‍යාව දස දහසකට ආසන්න වී ඇති බව ඊයේ (30) නිකුත් කළ නිවේදනයකින් හෙළි වී තිබේ.
ජර්මනියේ ක්‍රියාත්මක වන RKI නම් ස්වේච්ඡා සෞඛ්‍ය ආයතනය මේ බව නිවේදනය කර ඇත. මරණයට පත් වූ බහුතරයක් දෙනා වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන් බවටත් නිරීක්ෂණය වී තිබේ. ඉදිරි කෙටි කාලය තුළ දී එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක සීමාවක පවතිනු ඇති බව ද අනතුරු අඟවා තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ද සමස්තයක් ලෙසින් ඉහළ පරිසර උෂ්ණත්වයක් වාර්තා වෙමින් පවතී.
Views: 0










