යෝෂිත ලෙඩක් පෙන්වා අධිකරණයට නොපැමිණෙයි… නඩුව කල්යයි…

යෝෂිත ලෙඩක් පෙන්වා අධිකරණයට නොපැමිණෙයි… නඩුව කල්යයි…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (24) කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්විණි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ සිය සේවාදායකයා අසනීප තත්වයෙන් පසුවන බැවින් නඩුවට වෙනත් දිනයක් ලබාදෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව අගෝස්තු 20 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින සාක්ෂි ලබාදීම සඳහා නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවද දැනුම් දී ඇත.

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් නීතිපති විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්