අකිල විරාජ් අල්ලස් කොමිසම මගහරියි…

අකිල විරාජ් අල්ලස් කොමිසම මගහරියි…

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජකාරියවසම්ට අද (21) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇතත් ඔහු එහි පැමිණිම මඟ හැර ඇතැයි වාර්තා වේ.

කරුණු වාර්තාවන අන්දමට, ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ සහ අකිල විරාජකාරියවසම්ගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබී ඇත.

ඒ අනුව, ඔහු මෙලෙස කැදවා තිබී ඇත්තේ එහි වැඩිදුර කරුණු විමර්ශනය සඳහා අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමටය.

අද පස්වරුව වනතෙක් ඔහු එම කොමිසමට පැමිණ නොතිබූ බවත් නොපැමිණීමට හේතුවක් දැනුම්දී නොමැති බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ සේවකයන් පුද්ගලික වැඩවලට යොදාගැනීම අල්ලස් පනතේ දූෂණය නම් වරදට ගැනෙන බරපතල කාරණයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්