මාතර, එළියකන්ද පාර, බ්රවුන්ස් හීල් ප්රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්රධාන මහෙස්ත්රාත් චතුර දිසානායක පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.
ඒ, අදාළ නඩුව මාතර ප්රධාන මහෙස්ත්රාත් චතුර දිසානායක ඉදිරියේ අද (21) කැදවූ අවස්ථාවේ දීය.
තවද සැකකාර හිටපු ඇමතිගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්රධාන මහෙස්ත්රාත් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත් ඇපකරුවන්ට දැඩි ලෙස අවවාද කර ඇත.
Views: 0









