හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑපන්ලක්ෂයක (රු. 27,500,000) මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළවය.

ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 58ක් වන සැකකරු අද (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක හිටපු ඇමති එස්.බී දිසානායකගේ සහෝදරයෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්