අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
එම අනාවරණය වන කරුණු අනුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නි හිටපු ඇමතිට එල්ල වී ඇති චෝදනා 03ක් එල්ල වී ඇත.
ඒ අනුව,
2014 ඌව පළාත් සභා මැතිවරණයට ප්රකාශයට පත් කර තිබිය දී රජයේ සංවර්ධන ව්යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් අත්පත්රිකා දෙලක්ෂ පනස්දහසක් (250,000) මුද්රණය කිරීම සඳහා හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් ඒ සඳහා අදාළ සමාගම් දෙකට රුපියල් විසිහයලක්ෂ හැටපන්දහසක (රු. 2,665,000) මුදලක් වැය කිරීමට කටයුතු කිරීම එක් චෝදනාවකි.
අනෙක් චෝදනාව වන්නේ, 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස සරම් ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය හැට්ටය සහිත ඇඳුම් කට්ටල 5,000ක් බෙදා දීම සඳහා හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් නිසි ක්රමවේදයෙන් තොරව මිල දී ගැනීම හරහා එම සමාගම් දෙකට රුපියල් තිස්දෙලක්ෂ හැත්තෑපන්දහසක් (රු. 3,275,000) හා රුපියල් තිස්ලක්ෂ හැත්තෑපන්දහසක් (රු. 3,075,000) ලබාගෙන අදාළ ද්රව්ය භෞතිකව බෙදා නොදීමය.
තෙවන චෝදනාව වන්නේ, 2013 හා 2014 මහින්ර රාජපක්ෂ පාලන සමයේ, මැයි පෙළපාලිවලට සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ලබාදීමට නිලධාරීන් පෙළඹ වීමය.
මෙයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන්ද තහනම් කරන ඇත.










