සුන්බුන් කල්ලියට පාරාවළල්ලක් – සභාපති විනිසුරු ඉල්ලා අස්වෙයි

සුන්බුන් කල්ලියට පාරාවළල්ලක් – සභාපති විනිසුරු ඉල්ලා අස්වෙයි

උපරිමාධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට එරෙහිව දියත් කර තිබූ තවත් ක්‍රියාමාර්ගයක් නිසා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති පසන් අමරසේන එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

එසේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ විනිසුරුවරුන්ගේ සංගමයේ හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට එම සංගමයේ ව්‍යවස්ථාවට එරෙහිව යම් පිරිසක් එල්ල කළ බලපෑමක් නියා ය. එවැනි හදිසි රැස්වීමක් පැවැත්වීමට නම් අවම වශයෙන් සාමාජිකයන් 89 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිඛිත ඉල්ලීමක් සභාපතිවරයාට යොමු කළ යුතුව තිබේ.

අද (11) එම හදිසි රැස්වීම පැවැත්වීමට යොදා ගෙන ඇති අතර, ඊයේ සවස් වනවිට සාමාජිකයන් 50කට අඩු පිරිසක් එම ලිඛිත ඉල්ලීමට අත්සන් තබා තිබිණි. සංගමයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයන් 1/3කට නොඅඩු පිරිසක් අත්සන් තැබීමෙන් මෙවැනි හදිසි රැස්වීමක් කැඳවිය හැකිය.

උද්ගත වූ එම අවුල් සහගත තත්වය හමුවේ සංගමයේ සභාපති විනිසුරුවරයා ඉල්ලා අස් වූ අතර, අනෙකුත් සාතිශය බහුතරයක් සාමාජික විනිසුරුවරුන් ද සභාපති විනිසුරුවරයාගේ ක්‍රියාමාර්ගය අනුමත කර ඇති බව වාර්තා වේ. පසුගිය 04 වෙනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පිරිසක් ද මෙවැනි ම අත්තනෝමතික රැස්වීමක් පවත්වා එය මුළුමනින් ම අසාර්ථක වූ පසුබිමක විනිසුරුවරුන්ගේ සංගමය ද එවැනිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn